නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන සභිකයින් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි

නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන සභිකයින් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ට ලබා දී ඇති මඟ පෙන්වීම් සහ උපදෙස්වලට කන් නොදී 2026 අයවැය සම්මත කිරීම සඳහා ජාතික ජනබලවේගයට සහයෝගය ලබා දුන් පළාත් පාලන සභිකයින් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව,
පදියතලාව ප්‍රාදේශීය සභාවේ දර්ශන විතානගේ
කල්පිටිය ප්‍රාදේශීය සභාවේ මොහොමදු නසීර් මුහම්මදු
නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ඒ.ඒ. අනුර කුමාර, අමිල් එරංග සහ උමේෂා රශ්මි මල්ෂානි
පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ අතුල කුමාර, අනුර කුමාර සහ
පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ පී.කේ සුමේද ලක්මාල් යන පිරිසගේ
පක්ෂ සාමාජිකත්වය මෙලෙස තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මධ්‍යම කාරක සභා රැස්වීමට ඒ පිළිබඳව වාර්තා කර ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න

Share This