නිදහසේ 75වන වසර සමරමින් නිදහසේ වැදගත්කම අනාගත පරම්පරාවට භාරදීමේ පණිවුඩය සහතික කරනවා -අගමැති

නිදහසේ 75වන වසර සමරමින් නිදහසේ වැදගත්කම අනාගත පරම්පරාවට භාරදීමේ පණිවුඩය සහතික කරනවා -අගමැති

නිදහසේ 75 වන වසර සමරමින් නිදහසේ වැදගත්කම අනාගත පරම්පරාවට භාරදීමේ පණිවුඩය සහතික කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා .

රටේ නිදහස වෙනුවෙන් සටන් කළ මහා සඟරුවන ඇතුළු සියලු ජාතික නායකයන් මෙන්ම රණ විරුවන්ට ගෞරවය පුදකිරීම ජාතික යුතුකමක් බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ .

නිදහසේ 75 වන සැමරුම වෙනුවෙන් විශේෂ දළදා පෙරහැරක්ද පැවැත්වෙන බව කි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවටත්, බටහිර සිට නැ‍ගෙනහිර වෙරළ දක්වාත්, රට පුරා එකම සහයෝගයෙන් මෙවර නිදහස් උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව සඳහන් කළා

වියදම් අඩුකර ගනිමින් නිදහස් උත්සවය සංවිධාන කරන බවත් ,තරුණ පරම්පරාවට නිදහස පිළිබඳ සිහිපත් කරදීම සඳහා අධ්‍යාපන වැඩසටහන්ද ක්‍රියාත්මක කරන බවත්, මේ සඳහා සියලු පක්ෂවල, සංවිධානවල සහය අපේක්ෂා කරන බවත් කියා සිටි අතර අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පළ කළ අදහස් සියල්ල පහතින් කියවිය හැකියි

 

Share This