– නිමාවක් නැති කොරෝනා – ඉන්දියාවෙන් ආසාදිතයන් 524ක් – ජපානයෙන් මරණ 43ක්

– නිමාවක් නැති කොරෝනා – ඉන්දියාවෙන් ආසාදිතයන් 524ක් – ජපානයෙන් මරණ 43ක්

ගතවූ පැය 24 තුළ ලෝකයේ රටවල් රැසකින් කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වී තිබෙනවා.

ඒ අනුව අසල්වැසි ඉන්දියාවෙන් ආසාදිතයන් 524ක් වාර්තා වී ඇති අතර, දින 113කට පසුව එරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයන් සංඛ්‍යාව එය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එසේම ඉන්දියාවෙන් එක් මරණයක් ද වාර්තා වී ඇති අතර, මේ වනවිට එරට ක්‍රියාකාරී රෝගීන් සංඛ්‍යාව 3,600 ඉක්මවා තිබෙනවා.

ජපානයෙන් ද ගතවූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 7,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, මරණ 43ක් ද සිදුව ඇති බවයි පැවසෙන්නේ.

එසේම දකුණු කොරියාව තුළ ද කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.

ගතවූ පැය 24 තුළ එරටින් ආසාදිතයන් 9,342ක් වාර්තා වී ඇති අතර මරණ 07ක් වාර්තා වන බව සඳහන්.

Share This