
නියෝජ්‍ය ආරක්ෂක ඇමති හමුවූ මාලදිවයිනේ ආරක්ෂක උපදේශක
ශ්‍රී ලංකාව සමග ආරක්ෂක සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා මාලදිවයිනේ කැපවීම යළිත් අවධාරණය කර තිබෙනවා.
ඒ, මාලදිවයින් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් හසන් අමීර් සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර අතර පැවති හමුවකදීයි.
එම හමුවේදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා පිළිබඳව සිහිපත් කර ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන්දියානු සාගර කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් වන සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා.
ආරක්ෂක සබඳතා, ඒකාබද්ධ පුහුණු වැඩසටහන් සහ කලාපීය ආරක්ෂක අභියෝගවලට මුහුණදීම සඳහා සහයෝගිතා ප්රයත්නයන් ඇතුළුව ආරක්ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව ද එම හමුවේදී අවධානය යොමුව ඇති බව සඳහන්.