
නියෝජ්‍ය ආරක්ෂක ඇමතිට එරෙහි විශ්වාසභංගයට බාලගිරි
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට(12) කථානායකවරයා වෙත භාර දීමට නියමිතයි.
මෙම විශ්වාසභාංග යෝජනාව අද(11) දිනයේදී කථානායකවරයා වෙත භාර දීමට නියමිතව තිබුණද කථානායකවරයා කොළඹින් බැහැරට ගොස් ඇති බැවින් හෙට දිනයේ එය භාරදීමට සැලසුම් කර ඇති බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසුවේ.