
නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ අපහාස කළාට වරුණ රාජපක්ෂට එන්තරවාසි යවයි
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරන්ග අබේසිංහ මහතා සම්බන්ධයෙන් වරුණ රාජපක්ෂ යූ ටියුබ් නාලිකාවක් හරහා සාවද්‍ය කාරණා සමාජගත කිරීමට එරෙහිවොහු වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ඔහු විසින් සමාජගත කර ඇති කරුණු සාවද්‍ය සහ අසත්‍ය ඒවා බවයි.
එයින් සිදු වූ අලාභය ඉල්ලා වරුණ රාජපක්ෂ වෙත එන්තරවාසියක් යොමුකළ බව ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
