
නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ගෙන් – නාමල් රාජපක්ෂ රුපියල් බිලියනක වන්දි ඉල්ලයි
තමන්ට අපහාසයක් කළ බව සඳහන් කරමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතාට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එන්තරවාසියක් යොමුකර තිබෙනවා.
නීතිඥ සංඛ කරුණාරත්න මහතා හරහා ලියාපදිංචි තැපෑලෙන් මෙම එන්නතර වාසිය යොමු කර ඇති බව සඳහන්.
එම එන්තරවාසියේ නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ දී පසුගියදා ජනමාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශයකින් තමන්ට අපහාසයක් සිදුව ඇති බවයි.
මෙහිදී නාමල් රාජපක්ෂ මහතා මෙරට මත්ද්‍රව්‍ය සැපැයුම් ජාලය පිටුපස සිටින පුද්ගලයෙකු බව හැඟෙන අයුරින් කරන ලද ප්‍රකාශයකින් තමාට අපහාසයක් සිදුව ඇති බවද නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.