නිරෝධායන ඇඳිරි නීතිය ගැන හෙට දැනුම් දෙන දේ

නිරෝධායන ඇඳිරි නීතිය ගැන හෙට දැනුම් දෙන දේ

පවතින නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කරන්නේ ද යන්න හෙට (27) ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා

වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අනුව 30 වැනිදායින් පසුවත් නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කිරීම හෝ නොකිරීම සම්බන්ධව සිකුරාදා දිනයේ දී ජනාධිපති කාර්ය සාධක බළකාය රැස්වීමෙන් අනතුරුව තීරණය කරන බවයි ඔහු සඳහන් කරන්නේ

සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්ම සෞඛ්‍ය පුරුදුවලට ජනතාව අනුගත වීම සියයට සියයක් දක්නට නොලැබෙන බවද ඒ මහතා පවසනවා

සංචරණ සීමා පැන වූයේ ජනතාවගේ සංචරණය සීමා කර අලුතින් රෝගීන් ඇතිවීම වැළැක්වීම වෙනුවෙන් වන අතර වෛරසය පැතිරීම වැළැක්විය හැකි වන්නේ ජනතාව ඒකරාශී වීම වැළැක්වීම තුළින් බවද ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා

මෙම සංචරණ සීමා පනවා ඇති කාලය තුළ හැකිතාක් නිවෙස්වලට වී සිටින ලෙසත් එසේ නොවුණ හොත් ඉදිරියට ද රෝගීන්ගේ වාර්තා වීමේ අඩුවක් දැකීමට නොහැකි වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන 30 වැනිදා අලුයම 04.00 තෙක් බල පැවැත්වෙනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

Share This