නිවුන් දරුවන් බිහිකළ අම්මා කොවිඩ් වැළඳීමෙන් මිය යයි

නිවුන් දරුවන් බිහිකළ අම්මා කොවිඩ් වැළඳීමෙන් මිය යයි

යාපනය ශික්ෂණ රෝහලේදී නිවුන් දරුවන් ප්‍රසූත කොට මියගිය මවට කොරෝනා රෝගය වැලඳී ඇති බවට තහවුරුවීමෙන් පසුව ඇයගේ මෘතදේහය යාපනය පොම්මාවේලී ආදාහනාගාරයේදී ඊයේ (12දා) ආදාහනය කිරීමට යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබෙනවා

යාපනයේ ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ

දරු ප්‍රසූතිය සඳහා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇයගේ රෝගී ලක්ෂණ වැඩිවීම නිසා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට තිබෙනවා

එහිදි ඇය නිවුන් දරුවන් ප්‍රසූත කර ඇති අතර ඇයට හුස්ම ගැනීමේ අපහසුවක් නිසා යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු විසින් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඇයට කොරෝනා රෝගය වැලඳී ඇති බව තහවුරු වූ බවයි පැවසෙන්නේ

පසුව දින දෙකකට පසුව ඇය මියගොස් තිබෙන අතර ඇය බිහිකළ දරුවන් දෙදෙනා මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවනවා.

Share This