නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් පිටවීමට උත්සාහ කළ 67දෙනෙකු අත්අඩංගුවට(PHOTOS)

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් පිටවීමට උත්සාහ කළ 67දෙනෙකු අත්අඩංගුවට(PHOTOS)

සාම්පල්තිව් ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (23)රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා

එහිදී වයස අවුරුදු 30ත් 40ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයන් 12ක් සමග ත්‍රි රෝද රථ 02ක්, කැබ් රථයක් සහ වෑන් රථයක් අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ

අනතුරුව, එම අත්අඩංගුවට සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරුමත මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු ඇතුළුව, තවත් පිරිසක් එම බහුදින ධීවර යාත්‍රාව සමග නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා

මෙම පිරිස යාපනය, ත්‍රිකුණාමලය, මඩකළපුව, පුත්තලම, අම්පාර, රත්නපුරය, ගම්පහ සහ කොළඹ යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවයි පැවසෙන්නේ

Share This