
නීති විරෝධීව ගවයින් ප්‍රවාහනය කළ තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරන ලද ගවයන් 30 දෙනෙකු සමඟ තිදෙනෙකු අත්අඩංගුවට කාත්තාන්කුඩි පොලීසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයින් තිදෙනා අත් අඩංගුවට ගෙන ඇත්තේ සත්ව හිංසන පනත යටතේයි.
ලොරි රථයේ සිටි ගවයන් 30 දෙනෙකු පොලීසිය භාරයේ පසුවනවා.
ඔට්ටමාවඩි සිට කල්මුනේ දක්වා ඊයේ (02) ගවයන් 23 දෙනෙකු හොර රහසේ ගෙන ගොස් ඇති අතර, ඉන් එක් ගවයෙක් මිය ගොස් සිටි බව පොලීසිය පැවසුවා.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු සහ ගවයන් 22 දෙනෙකු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අති අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඔවුන් දෙදෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
මෙම සොයාගැනීමෙන් පසුව ඔට්ටමාවඩි සිට කල්මුනේ දක්වා ප්‍රවාහනය කරන ලද ගවයන් හත් දෙනෙකු ඊයේ සවස සොයා ගත් අතර, එක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ද පොලීසිය කටයුතු කර තිබෙනවා.
එම පුද්ගලයා සහ ගවයන් අද, මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
