නුවර කණ්ඩායමට ජය

නුවර කණ්ඩායමට ජය

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවති 18 වන තරගයේ Dambulla Sixers කණ්ඩායමට එරෙහිව ලකුණු 54ක ජයක් හිමි කර ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා

කාසියේ වාසිය දින ගත් Dambulla Sixers ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් Kandy Falcons කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 222ක් ලබා ගත්තා

එහිදී Kandy Falcons වෙනුවෙන් Andre Fletcher පන්දු 34කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 1ක් සමගින් ලකුණු 60ක් රැස් කළ අතර කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තා

පන්දු යැවීමේදී දුෂාන් හේමන්ත කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා

අනතුරුව ලකුණු 223ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Dambulla Sixers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 168ක් පමණයි

එහිදී කුසල් පෙරේරා පන්දු 40කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වුණා

තරගයේ ලකුණු සටහන පහතින්

 

Share This