නුවරඑළිය ගොවි වර්ජනයෙන් එළවළු මිල ටිකක් ඉහළ යයි (VIDEO)

නුවරඑළිය ගොවි වර්ජනයෙන් එළවළු මිල ටිකක් ඉහළ යයි (VIDEO)

දේශීය ගොවි හඬ සංවිධානය ඇතුළු ගොවි සංවිධාන රැසක සහභාගිත්වයෙන් ඊයේ (10) පැවැත් වූ දීපව්‍යාප්ත ගොවි වර්ජනයත් සමඟ උඩරට එළවලු ලැබීමේ අඩුවක් පවතින බව වෙළඳුන් පවසනවා.

එමෙන්ම ඇතැම් උඩරට එළවළු මිල ගණන්ද මේ වන විට ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තම භෝග අස්වනු සඳහා නිසි මිලක් නොමැතිකම සහ අල, ලූණු වැනි දේශියව වගා කෙරෙන බෝග පිටරටින් ආනයන කිරීම ආදී ගැටලු මුල් කර ගනිමින් ඊයේ දේශීය ගොවි හඬ සංවිධානය ඇතුළු ගොවි සංවිධාන රැසක සහභාගිත්වයෙන් දීපව්‍යාප්ත ගොවි වර්ජනයක් පැවැත් වුණා.

ඊට සමගාමීව දිවයිනේ ප්‍රදේශ කිහිපයකදීම විරෝධතා ද පැවැත් වුණු අතර එම ගොවි විරෝධයට සහය පළ කරමින් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයද ඊයේ වසා දැමීමටයි වෙළඳුන් පියවර ගෙන තිබුණේ.

Share This