නෙදර්ලන්තයේ දුම්රිය අනතුරෙන් අයෙක් මරුට -30කට පමණ තුවාල (VIDEO)

නෙදර්ලන්තයේ දුම්රිය අනතුරෙන් අයෙක් මරුට -30කට පමණ තුවාල (VIDEO)

බටහිර නෙදර්ලන්තයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පුද්ගලයන් 50 දෙනෙකු පමණ රැගෙන යමින් තිබූ දුම්රිය Voorschoten ගම්මානය ආසන්නයේදී ඉදිකිරීම් උපකරණවල ගැටීමෙන් පසු මෙම අනතුර සිදුව ඇති බවයි එරට හදිසි සේවා සඳහන් කරන්නේ.

මෙය භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් අනතුර සිදුවූ බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ.

බරපතල ලෙස තුවාල ලැබූවන් අසල රෝහල් වෙත ගෙන ගොස් ඇති අතර පුද්ගලයින් 11 දෙනෙකු ප්‍රදේශවාසීන්ගේ නිවෙස්වල ප්‍රතිකාර ලබනවා.

හදිසි අනතුරු පිළිබඳ ස්වාධීන පරීක්ෂණ පවත්වන ආයතනයක් වන නෙදර්ලන්ත ආරක්ෂක මණ්ඩලයේ නිලධාරීන් අනතුර සිදුවූ ස්ථානයට යවා ඇති අතර
අනතුර හේතුවෙන් හේග් සහ ලයිඩන් අතර දැනට දුම්රිය ධාවනය නොවන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This