නේපාලය පළමු සංක්‍රාන්ති ලිංගික විවාහය ලියාපදිංචි කරයි

නේපාලය පළමු සංක්‍රාන්ති ලිංගික විවාහය ලියාපදිංචි කරයි

නීත්‍යානුකූලව විවාහ වූ පළමු ‘සංක්‍රාන්ති ලිංගික යුවල’ බවට පත්වෙමින් නේපාලයේ පුද්ගලයින් දෙදෙනෙකු ඉතිහාසගත වී තිබෙනවා.

සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් වන Monika Shahi Nath සහ ඇගේ සැමියා Ramesh Nath Yogi පසුගියදා බටහිර නේපාලයේ Dadeldhura හිදී ඔවුන්ගේ විවාහය නීත්‍යානුකූලව ලියාපදිංචි කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විවාහය සාර්ථකව ලියාපදිංචි කිරීමෙන් පසු Monika Shahi Nath කත්මන්ඩුහි පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ඇගේ විවාහය ලියාපදිංචි කිරීමේ අරමුණ නීතිමය වෙනස්කම් කිරීමට නේපාල රජය අවදි කිරීම බවයි. එමෙන්ම ඇය මෙන්ම අනෙක් අයටද ඔවුන් ආදරය කරන පුද්ගලයා සමග විවාහ වීමට අයිතිය තිබිය යුතු බවයි Nath වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This