නේපාලයට භාණ්ඩ ප්‍රවාහනයට  තහනමක්

නේපාලයට භාණ්ඩ ප්‍රවාහනයට තහනමක්

ඩශේන් උත්සවය සඳහා නේපාලයට ආනයනය කරන ඇඳුම් පැළඳුම්, ඉලෙක්ට්‍රොනික උපාංග, පලතුරු ඇතුළු භාණ්ඩ පටවාගත් කන්ටේනර් චීනය විසින් ටිබෙට් කලාපයේ නතර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස භාණ්ඩ ඇතුළු කිරීම තහනම් කිරීම නිසා නේපාල ව්‍යාපාර බරපතල ගැටළුවකට මුහුණ දී සිටින බව ද සඳහන්.

නේපාලයේ සින්දුපල්චොක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති රාජ් කුමාර් උපුටා දක්වමින් ප්‍රාදේශීය මාධ්‍ය ආයතනයක් වන Khabar Hub වාර්තා කර ඇත්තේ මෙම සීමා කිරීම් හේතුවෙන් පලතුරු ඇතුලු ද්‍රව්‍ය රැසක් විනාශ වීමට පටන් ගෙන ඇති බවයි.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ටිබෙටයේ පවතින අගුලු දැමීම්, නේපාලයට ප්‍රවේශවීම තහනම් කිරීමට හේතු වී ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන්..

ඒ අනුව චීන ප්‍රධාන භූමියේ සිට ලාසා නගරයට ඇතුළු වන භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන තාවකාලිකව නතර කරන ලෙස චීන රජය නියෝග කර තිබෙනවා.

මේ හේතුවෙන් කන්ටේනර් 200කට වැඩි සංඛ්‍යාවක් කෙයොරොන් හි ද සහ කන්ටේනර් 100ක් පමණ කාසා හි ද නවතා ඇති බව බවයි පැවසෙන්නේ.

කොවිඩ් වෛරස් ආසාදනය හේතුවෙන් ටිබෙටයේ විවිධ නගරවල අගෝස්තු 8 වනදා සිට අගුලු දැමීම් සිදු කර තිබෙනවා.

Share This