නේපාලයේ දිවි අහිමි වූ ගණන 100 ඉක්මවයි

නේපාලයේ දිවි අහිමි වූ ගණන 100 ඉක්මවයි

නේපාලයට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවා ගොස් තිබෙනවා.

දින කිහිපයක සිට ඇදහෙලන ධාරානිපාත වර්ෂාව නිසා එරට ප්‍රදේශ රැසක දරුණු ජල ගැලීම් සහ නාය යාම් තත්ත්වයන් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පවතින තත්ත්වය හමුවේ තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට එරට බලධාරීන් සැක පළ කරනවා.

මුදාගැනීමේ මෙහෙයුම් ද තවදුරටත් ක්‍රියාත්මකයි.

නාය යෑම් හේතුවෙන් නේපාලයේ අධිවේගී මාර්ග කිහිපයක් ද අවහිර වී ඇති අතර පාසල් සහ විශ්ව විද්‍යාල ද වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

Share This