නේපාලයේ බලාපොරොත්තුව

නේපාලයේ බලාපොරොත්තුව

නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල්ගේ ඉන්දීය සංචාරයේදී වැඩි අවධානයක් යොමුව ඇත්තේ දෙරට අතර බලශක්ති සහයෝගිතාව සහ ද්විපාර්ශ්වික වෙළඳ ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධව බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

පුෂ්ප කමල් දහාල් ඉකුත් දෙසැම්බර් මාසයේදී නේපාලයේ අග්‍රාමාත්‍ය තනතුරට පත්වීමෙන් පසුව ඔහුගේ පළමු ද්විපාර්ශ්වික විදේශ සංචාරය ලෙස පැමිණියේ ද ඉන්දියාවටයි.

කලාපයේ සමස්ත උපායමාර්ගික අවශ්‍යතා සම්බන්ධයෙන් නේපාලය ඉන්දියාවට අතිශය වැදගත් වන බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඒ අනුව මෙම සංචාරයට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් අතර දෙරට අතර පවතින ඉපැරණි සම්බන්ධතා පිළිබඳවද සාකච්ඡා කර තිබුණා.

කෙසේවෙතත් නේපාලයේ දැඩි උනන්දුව පවතින්නේ එරට සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඉන්දියාවේ සහයෝගය ලබා ගැනීමට බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

Share This