නේපාලයේ බස් දෙකක් ගඟකට වැටී 60කට වැඩි පිරිසක් අතුරුදන්

නේපාලයේ බස් දෙකක් ගඟකට වැටී 60කට වැඩි පිරිසක් අතුරුදන්

නේපාලයේ අධිවේගී මාර්ගයක සිදුවු නායයෑමකින් එහි ගමන් ගත් බස් රථ දෙකක් ඟගට පෙරළී ගොස් පුද්ගලයින් 60 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මාර්ගය නාය යාමත් සමග බස් රථ දෙක ගඟකට වැටී ගසාගෙන ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් එහිදී තිදෙනෙකු දිවි ගලවා ගෙන ඇති අතර ඔවුන් රෝහල් ගත කර තිබෙනවා

අතුරුදහන් වූ මගීන් සෙවීම සඳහා බලධාරීන් හමුදාව සහ පොලිසිය යොදවා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එම ප්‍රදේශයට පවතින අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් අදාළ ස්ථානයට යන මාර්ගය ස්ථාන කිහිපයකින් අවහිර වීමත් සමඟ ගලවා ගැනීමේ ප්‍රයත්නයන් දුෂ්කර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This