නේපාලයේ භූමිකම්පාවෙන් මියගිය ගණන 129ක් දක්වා ඉහළට

නේපාලයේ භූමිකම්පාවෙන් මියගිය ගණන 129ක් දක්වා ඉහළට

ඊයේ(03) වයඹදිග නේපාලයේ දුරස්ථ ප්‍රදේශයක ඇති වූ භූමිකම්පාවෙන් මියගිය පුද්ගලයන් ගණන 129ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ගොඩනැගිලි කිහිපයක්ද කඩා වැටී ඇති අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට අනතුරු අඟවා ඇති බවයි එරට පොලිසිය සඳහන් කරන්නේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට (USGS) අනුව රික්ටර් මාපක 5.6ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව නේපාලයේ කර්නාලි පළාතේ ජුම්ලා සිට කිලෝමීටර් 42ක් දුරින් සිදුවුණා.

එම කම්පනය ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය දක්වා දැනී ඇති බවයි සඳහන්.

එමෙන්ම පුද්ගලයන් 140 දෙනෙකු තුවාල ලබා ඇති බව තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This