
නොමිනිස් වෙඩි පහරකින් හිගුරක්ගොඩ සද්දන්තයෙක් අවසන් ගමන් යයි
හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි පලුවද්දන ගම්මානයේ ගෙවත්තක තිබී වෙඩි තබා ඝාතනය කල බවට සැකකෙරෙන වන අලියෙකුගේ මළ සිරුරක් අද (22) කවුඩුල්ල ජාතික වන උද්‍යානයේ වනජීවී නිළධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.
අප වාර්තාකරු පැව්සුවේ කඩුඩුල්ල රක්ෂිතයේ සැරිසැරූ වයස අවුරුදු 20ක් පමණ වන උස අඩි හය හමාරක් වන මෙම වන අලියාගේ හිසට එල්ල වූ වෙඩි පහරක් දක්නට ඇති බවයි.
කවුඩුල්ල ජාතික වන උද්‍යානයේ වනජීවී නිළධාරීන් පවන්නේ ེ බෙහෙත් කොටන තුවක්කුවකින් මෙම වන අලියාගේ හිසට එල්ල කර ඇති දරුණු වෙඩි පහරක් හේතුවෙන් මෙම වන අලියා මිය යන්නට ඇති බවටයි.
වන අලියා වැටී සිටි ගෙවත්තේ හිමිකරු මේ වන විට නිවසේ නොමැති බැවින් ඔහු ගෙන්වා මෙම වන අලියා මිය යාම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කොට ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව කවුඩුල්ල ජාතික වන උද්‍යානයේ නිළධාරීන් සදහන් කළා.

