නොසැලකිලිමත්කම නිසා සංක්‍රමණිකයන් 36ක් මිය ගිය බවට චෝදනා

නොසැලකිලිමත්කම නිසා සංක්‍රමණිකයන් 36ක් මිය ගිය බවට චෝදනා

කැනරි දූපත්වලට ඔබ්බෙන් වූ මුහුදේ උදව් ලබා ගැනීම සඳහා බෝට්ටුවක පැය 10ක කාලයක් බලා සිටි සංක්‍රමණිකයන් 36ක් මිය යාම සම්බන්ධයෙන් බලධාරීන් චෝදනා කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ඔවුන් මෙලෙස ගිලී මිය ගොස් ඇත්තේ නොසැලකිලිමත්කම නිසා බවත් ,දිවි ගලවා ගැනීම සඳහා උපකාර ලබා නොදීමත් ඇතුළු අපරාධ රැසක් සිදු කර ඇති බවට චෝදනා කරමින් Canaria හි නඩු පවරන්නන් විසින් නඩු ගොනු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පසුගිය ජුනි මාසයේදී පිම්බෙන බෝට්ටුවකින් දූපත් වෙත ළඟා වීමට උත්සාහ කිරීමේදී පුද්ගලයින් 36 දෙනෙකු මෙලෙස දියේ ගිලී මිය ගොස් තිබුණා

මෙම බෝට්ටුව අනතුරට ලක්වී ඇති බව ස්පාඤ්ඤ ගලවා ගැනීමේ ගුවන් යානයක් විසින් දැකීමෙන් පැය 10කට පසුව පමණ මුර සංචාර බෝට්ටුවක් පිටත් කර යවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මෙම සතිය මුලදී කැනරි දූපත් වෙරළට ඔබ්බෙන් වූ ස්පාඤ්ඤ වෙරළාරක්ෂක භටයින් විසින් පුද්ගලයින් 86 දෙනෙකු බේරා ගත් අතර සති දෙකකට පෙර සෙනගාලයෙන් පිටත් වූ බෝට්ටු තුනක සිටි පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් තවමත් මුහුදේ අතුරුදහන් වී සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This