පක්ෂවල අනුමැතියක් නැතුව රවීගේ නම නම ජාතික ලැයිස්තුවට
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ එම පෙරමුණේ පක්ෂවල කිසිදු අනුමැතියකින් තොරව අත්නෝමතික ආකාරයකට බව එහි නායක හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම් දී තිබෙනවා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම පෙරමුණේ සියලු පක්ෂ අද (19) පෙරවරුවේ කොළඹ දී රැස්වී තීරණයක් ගැනීමට නියමිතව තිබී ඇති අතර හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එම තීරණය ගැනීමට පෙර පක්ෂයේ ලේකම්වරිය අත්තනෝමතිකව ක්රියා කර ඇති බවයි
රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් වන අතර සාමූහික තීරණයකින් තොරව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවද රනිල් වික්රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා
එමෙන්ම නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සියලු පක්ෂවල නියෝජිතයන් රැස්වී ජාතික ලැයිස්තු මන්ත්රී ධුර දෙක සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමට නියමිතව තිබියදී මෙලෙස අත්තනෝමතිකව කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව ද හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා