‘පක්ෂි රංචුවක් නිසා’ හදිසියේ ගොඩබස්වා ඇති ගුවන් යානය

‘පක්ෂි රංචුවක් නිසා’ හදිසියේ ගොඩබස්වා ඇති ගුවන් යානය

කියුබාවේ සිට ෆ්ලොරීඩා හි Fort Lauderdale දක්වා පියාසර කරමින් තිබු ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

හවානා හි සිට ගුවන්ගත වී විනාඩි කිහිපයකට පසුව එම ගුවන් යානයේ පක්ෂීන් රංචුවක් ගැටීමත් සමග එහි එන්ජිමට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරුව ගුවන් යානය ඇතුළත දුමෙන් පිරී ගොස් ඇති අතර ගුවන් මගීන් නොසන්සුන්කාරී ලෙස ද හැසිරී තිබෙනවා.

කෙසේවෙතත් යානය ආරක්ෂිතව හවානා වෙත නැවත ගොඩබැස්වීමට නියමුවා සමත්ව ඇති බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ බෝයිං 737 වර්ගයේ අදාළ යානයේ මගීන් 147 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු සිට ඇති නමුත් ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This