පකිස්ථානය පෙට්‍රල් , ඩීසල් සහ විදුලි ගාස්තු පහත දමයි
පෙට්‍රල්, ඩීසල් සහ විදුලි ගාස්තු පහත දමා මහජනතාවට සහනයක් ලබාදීමට පකිස්ථාන රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සඳහන් කලේ ඉන්ධන සහ විදුලිය වෙනුවෙන් සහනාධාරයක් ලබාදීමට පියවර ගන්නා බවයි.
එමෙන්ම එළඹෙන අයවැය දක්වා යළි මිල වැඩි කිරීමක් නොකරන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
පෙට්‍රල් සහ ඩිසල් ලීටරයක මිල පකිස්ථාන රුපියල් 10කින් පහත හෙලන බවයි විදෙස් මාධ්‍ය දක්වන්නේ.
පකිස්ථානයේ ෆෙඩරල් ආදායම් මණ්ඩලයේ ආදායම සියයට 30 කට වැඩි අගයකින් වර්ධනය වීම මීට හේතුවයි.