පණ පිටින් හසුවූ රුසියානු සොල්දාදුවන්ට සිදුවන දේ දන්නවා ද ? – ජාත්‍යන්තර මාධ්‍ය කළ හෙළිදරව්ව මෙන්න (PHOTOS)

පණ පිටින් හසුවූ රුසියානු සොල්දාදුවන්ට සිදුවන දේ දන්නවා ද ? – ජාත්‍යන්තර මාධ්‍ය කළ හෙළිදරව්ව මෙන්න (PHOTOS)

අත්අඩංගුවට ගත් රුසියානු සොල්දාදුවන් සිය ගණනක් රඳවා සිටින යුක්‍රේනයේ සිරකරු මධ්‍යස්ථානයකට BBC පුවත් සේවයේ වාර්තාකරුවන් ඇතුළු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

ඔවුන් මෙම යුද සිරකරු මධ්‍යස්ථානයට ඇතුළුවන විට රුසියානු මිසයිල යළිත් වරක් යුක්‍රේනයට ඉහළ අහසේ ගමන් කළ බවද සඳහන් වනවා.

අල්ලා ගන්නා ලද රුසියානු සොල්දාදුවන් අතර බලහත්කාරයෙන් බඳවා ගත් අය සහ කුලී හේවායන් ද සිටින බවයි BBC පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

සිරකරුවන් හුවමාරු කිරීම මෙම යුද්ධයේ අවස්ථා කිහිපයක දීම සිදුව ඇති අතර යුක්‍රේනය සඳහන් කරන්නේ මේ මාසයේ පමණක් පිරිමි සහ කාන්තා සිරකරුවන් 1,762 දෙනෙකු හුවමාරු ක්‍රමයට නිදහස් කර ඇති බවයි.

ජිනීවා සම්මුතියට අනුව, යුද සිරකරුවන් මහජනතාවට නිරාවරණය නොකළ යුතු වනවා.

මෙහිදී ආරක්ෂකයින් සිරකරුවන්ට හොඳින් සලකන බව පෙන්වීමට උනන්දු වූ බවත් සමහරුන්ට අත් හෝ පාද බැන්ඩේජ් කර තිබුණු බවත් දක්නට ලැබුණු බවයි බිබිසී පුවත් සේවය වාර්තා කරන්නේ

මෙහි රැඳවියන්ට යුක්‍රේන භාෂාවෙන් වැඩසටහන් විකාශය වන රූපවාහිනී නැරඹීම සඳහා අවස්ථාව ලබා දී ඇති අතර , යුක්‍රේන ඉතිහාසය පිළිබඳ වාර්තා චිත්‍රපටද නැරඹීමට සලස්වා තිබෙනවා.

ආරක්ෂකයින් පවසන පරිදි සෑම සති දෙකකට වරක් සිරකරුවන්ට රුසියාවේ සිටින ඔවුන්ගේ පවුල් සඳහා එක් දුරකථන ඇමතුමක් ලබා ගැනීමටද අවස්ථාව ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

 

Share This