
පනතට එරෙහිව විදුලිබල මණ්ඩලය ලෙඩවෙයි
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට විදුලි වෘත්තීය සමිති අද කටයුතු කළා.
ඔවුන් ප්‍රකාශ කළේ තම ඉල්ලීම්වලට ආණ්ඩුව ප්‍රතිචාර නොදැක්වුවහොත් ඉදිරියේ දී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පත එළඹෙන 24 වැනිදා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කිරීමට නම්, තුනෙන් දෙකක විශේෂ බහුතරයක් මෙන්ම ජනමත විචාරණයක් ද අවශ්‍ය බව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම් දුන්නා.
මෙම පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති හේතුවෙන් තම සේවක අයිතිවාසිකම් උල්ලංගණය වන බවට විදුලි සේවක සංගම් චෝදනා කරනවා.
මෙම වගන්ති සංශෝධනය කරන ලෙස ආණ්ඩුවට බලකරමින් අද විදුලි සේවක සංගම් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණා.