
පනහඩුව වැවේ ටියුබයක නැගී මාළු අල්ලන්න ගිය ජීවිත දෙකක් වැවට(VIDEO)
උඩවලව, පනහඩුව වැවේ ටියුබයක ආධාරයෙන් මත්ස්‍යයන් ඇල්ලීමට ගිය දෙදෙනෙක් දියේ ගිලීමෙන් එක් අයෙක් අතුරුදන්ව ඇති අතර, අනෙක් පුද්ගලයාගේ මළ සිරුර ජීවිත ආරක්ෂකයින් පිරිසක් ඊයේ (20) පස්වරුවේ සොයාගත් බව උඩවලව පොලිසිය පවසනවා.
මෙසේ දියේ ගිලී මියගොස් ඇත්තේ උඩවලව, පනහඩුව, වැවේවත්ත ප්‍රදේශයේ පදිංචි සමීර සම්පත් ප්‍රේමතිලක නැමති විසි නව හැවිරිදි අයෙක්.
මහආර ප්‍රදේශයේ පදිංචි අනුර ක්‍රිෂාන්ත රත්නායක නැමැති තිස් හැවිරිදි පුද්ගලයා දියේ ගිලී අතුරුදන්ව සිටින අතර ඔහු යුද හමුදා බුද්ධි අංශයේ සේවය කරන අයකු බව පොලීසිය සදහන් කළා.
ඔහු උඩවලව, පනහඩුව, මහආර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්.
එම පුද්ගලයන් දෙදෙනා එදින පෙරවරුවේ හුලං පිරවූ ටියුබයක් ආධාර කරගෙන පනහඩුව වැවේ ජලය මත පාවෙමින් සිටියදී ජලයේ ගිලී ඇති බවත් එය දුටු ප්‍රදේශ වාසියෙක් දැක ඇතැයිද පොලිසිය පැවසුවා.