පලස්තීන කඳවුරකට ඊශ්‍රායල ප්‍රහාර -තිදෙනෙක් මරුට

පලස්තීන කඳවුරකට ඊශ්‍රායල ප්‍රහාර -තිදෙනෙක් මරුට

උතුරු බටහිර ඉවුරේ පලස්තීන ජෙනින් කඳවුරට ඊශ්‍රායල හමුදාව දැවැන්ත හමුදා මෙහෙයුමක් දියත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා .

මෙම ප්‍රහාර ගුවන් ප්‍රහාර කිහිපයකින් ආරම්භ වූ බවයි වාර්තා වන්නේ

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ සඳහන් කරන්නේ දැනට පවතින තත්ත්වය අනුව අවම වශයෙන් පලස්තීනුවන් තිදෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) කියා සිටියේ ඔවුන් ජෙනින් ප්‍රදේශයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම් වලට පහර දෙන බවත් ත්‍රස්තවාදීන් ජෙනින් කඳවුරේ සැඟවී සිටිමින් සිවිල් වැසියන්ට දිගින් දිගටම හානි කරන බවත්ය

Share This