පලස්තීන සටන්කාමීන් තිදෙනෙකු රෝහලක් තුළදී ඝාතනය කරයි (VIDEO)

පලස්තීන සටන්කාමීන් තිදෙනෙකු රෝහලක් තුළදී ඝාතනය කරයි (VIDEO)

ඊශ්‍රායල හමුදා විසින් බටහිර ඉවුරේ රෝහලකදී පලස්තීන සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයන් තිදෙනෙකු ඝාතනය කර තිබෙනවා.

වෛද්‍යවරුන් ලෙස වෙස්වලාගත් පුද්ගලයින් රයිෆල් ඔසවාගෙන කොරිඩෝවක් හරහා ගමන් කරන ආකාරය දැක්වෙන CCTV දර්ශන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මෙය වාර්තා කර තිබෙනවා.

පලස්තීන අධිකාරියේ ඇති සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් තුළ නව ප්‍රහාරයක් සිදු කළ බවට ඊශ්‍රායලයට චෝදනා එල්ල කර තිබෙනවා.

තවත් සන්නද්ධ කණ්ඩායමක් වන පලස්තීන ඉස්ලාමීය Jihad කණ්ඩායම කියා සිටියේ මියගිය අයගෙන් දෙදෙනෙක් තම සාමාජිකයන් වන බවයි.

ඉන් එක් අයෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Share This