පලස්තීනුවන් 50,000ක් පමණ දකුණු ගාසා තීරයට පිටත්ව යයි

පලස්තීනුවන් 50,000ක් පමණ දකුණු ගාසා තීරයට පිටත්ව යයි

දකුණු ගාසා තීරයට ප්‍රධාන මාර්ගය විවෘත කිරීමෙන් පසු පලස්තීනුවන් 50,000ක් පමණ එම ප්‍රදේශයෙන් පිටව ගිය බව ඊශ්‍රායලය පවසනවා

හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ හමාස් සංවිධානයට උතුරේ පාලනය අහිමි වී ඇති නිසා මිනිසුන් පලා යන බවයි.

සති ගණනාවක් තිස්සේ ඊශ්‍රායලය ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ ජනතාවට දකුණට යන ලෙස දන්වා සිටියේ එය ආරක්ෂිත බව පවසමිනුයි

නමුත් හමාස් පාලනය කරන බලධාරීන් පවසා තිබෙන්නේ උතුරු සහ දකුණ යන ප්‍රදේශ දෙකටම ගුවන් ප්‍රහාර එල්ල වූ බවයි

මේ අතර ගාසා තීරයේ මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව ඊශ්‍රායලයේ මිලිටරි මෙහෙයුමේ පැහැදිලිවම වැරදි බව පෙන්නුම් කරන බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසනවා

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඊශ්‍රායලයට සහ හමාස් සංවිධානයට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

තෙදින මානුෂීය විරාමයක් සඳහා ප්‍රාණ ඇපකරුවන් 12 දෙනෙකු නිදහස් කිරීමේ යෝජනාවක් සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වීමෙන් පසු ඊශ්‍රායල අගමැති එය ප්‍රතික්ෂේප කර තිබෙනවා

ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඔක්තෝබර් 7 වැනිදායි

එදින එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් පසුව පුද්ගලයන් 1400ක් මිය ගිය අතර 200කට අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගැනුණා

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ගාසා තීරයේ 10,500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, ඊට ළමුන් 4,300 කට වැඩි සංඛ්‍යාවක් ද ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This