පවුල් ආරවුලකට ඊශ්‍රායලයේ දී 5ක් මරා දමයි

පවුල් ආරවුලකට ඊශ්‍රායලයේ දී 5ක් මරා දමයි

ඊශ්‍රායලයේ දී පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

නාසරෙත් නගරයට නුදුරින් පිහිටි Yafa an-Naseriyye නගරයේ දී සිදුවූ මෙම වෙඩි තැබීම, අපරාධ කල්ලිවලට සම්බන්ධ ප්‍රහාරයක් ලෙසයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ එය පවුල් දෙකක් අතර ආරවුලක් සමග සම්බන්ධ වූවක් බවටයි.

එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ තමා කම්පනයට පත් වූ බවත්, මෙවැනි සිදුවීම් නැවැත්වීමට තම රජය අධිෂ්ඨාන කරගෙන සිටින බවත්ය.

වෙඩි තැබීම පිළිබඳව නිලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සැකකරුවන් සොයමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මෙම වෙඩි තැබීම සිදුවූ දිනට පෙර දිනද , නාසරෙත් අසල තවත් නගරයක් වන Kafr Kannaහිදී තවත් වෙඩි තැබීමකින් තුන් හැවිරිදි දැරියක් සහ ඇගේ තවත් ඥාතියෙකු බරපතල තුවාල ලබා තිබෙනවා

Share This