පශ්චාත් ගංවතුර උවදුරු ගැන පාකිස්ථානයට  අනතුරු ඇඟවීමක්

පශ්චාත් ගංවතුර උවදුරු ගැන පාකිස්ථානයට අනතුරු ඇඟවීමක්

දැවැන්ත ගංවතුරෙන් පසු පාකිස්ථානයේ ඇති විය හැකි දෙවන ව්‍යසනයක් එනම් රෝග හා මරණ රැල්ලක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

පසුගිය දා ජීවිත 1,500 කට අධික සංඛ්‍යාවක් බිලි ගත් අදාළ ගංවතුරෙන් පසු ප්‍රකාශයක් නිකුත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පාකිස්ථානයේ දෙවන ව්‍යසනයක් සඳහා ඇති හැකියාව පිළිබඳ දැඩි කණස්සල්ල පළ කර ඇතැයි සඳහන්.

එහිදී මිලියන ගණනකගේ ජීවිත අවදානමට ලක් කරමින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය පද්ධතිවලට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙනවා.

මෙහිදී සෞඛ්‍ය මධ්‍යස්ථාන ජලයෙන් යටවී ඒවායේ සැපයුම්වලට හානි සිදුව ඇති බවත් සඳහන්.

ජල සැපයුම අඩාල වීම හේතුවෙන් අනාරක්ෂිත ජලය පානය කිරීමට ජනතාවට සිදු වීම නිසා කොළරාව සහ අනෙකුත් පාචන රෝග ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි එරට වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Share This