පසු කම්පන ගැන මෙල්බර්න් වැසියන්ට අනතුරු ඇඟවීමක්

පසු කම්පන ගැන මෙල්බර්න් වැසියන්ට අනතුරු ඇඟවීමක්

මෙල්බර්න් නගරයේ ඇති වූ භූමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන අවදානම ගැන මෙල්බර්න් නගරයේ ජනතාවට අද (29) උදෑසන අනතුරු අඟවා තිබෙනවා.

ඊයේ (28) රාත්‍රී 11.40ට පමණ ද වයඹදිග සන්බරි උපනගරයේ කිලෝමීටර් 3ක් ගැඹුරට රිච්ටර් මාපක 3.8ක භූ කම්පනයක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම භූ කම්පනය සන්බරි සිට ටස්මේනියාවේ හෝබාර්ට් දක්වා සහ ඇඩිලේඩ් හි SRC දක්වා ද දැනී ඇති බවයි වාර්තා වන්නේ.

බරපතල හානියක් හෝ තුවාල කිසිවක් වාර්තා වී නැති නමුත් අද උදෑසන වික්ටෝරියා ප්‍රාන්ත ගොඩනැගිලි කිහිපයකට සිදු වූ හානිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා හදිසි සේවා (SES) කැඳවීමට ද කටයුතු කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එරට හදිසි සේවාවන්, අවදානම් කළාපවල ජීවත්වන ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ පසු කම්පන තත්වයන්ට මුහුණදීමට සූදානමින් සිටින ලෙස බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

Share This