පසුගිය සැප්තැම්බරය ලංකාවට සංචාරක පැමිණීමේ ඉතිහාස වාර්තා කඩයි

පසුගිය සැප්තැම්බරය ලංකාවට සංචාරක පැමිණීමේ ඉතිහාස වාර්තා කඩයි

මෙරට සංචාරක ව්‍යාපාරය අපේ ඓතිහාසික උරුමයන් හා සත්ත්ව සහ ශාක විවිධත්වය ,භූ දේශගුණික විවිධත්වය ඇතුළු පාරිසරික විවිධත්වය එක්ව බැදුණු සොභා සුන්දරත්වය සහ අපේ ආගන්තුක සත්කාර යන ප්‍රධාන කුළුණු මත රඳා පවතිනවා.

පසුගිය කාලයේ සංචාරක ව්‍යාපාරයේ සාපේක්ෂව සාර්ථකම වසර වූයේ 2018 වසරයි.

2018 වසරට සාපේක්ෂව එක් සැප්තැම්බර් මාසයක් තුල පැමිණි සංචාරකයන් ප්‍රමාණය සීයට හයකට වඩා මේ වසරේ සැප්තැම්බරයේ වර්ධනය වී තිබෙනවා.

එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 30% වඩා වැඩි වැඩිවිමක්.

වාර්තාවන්ට අනුව ඉතිහාසයේ ඕනෑම සැප්තැම්බර් මාසයක අපේ රටට පැමිණි වැඩිම සංචාරකයන් පිරිස මෙයයි.

 

Share This