පහළ කඩුගන්නවේ අනතුරට පත්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් – දින නියමයක් නැතිව කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය වසයි

පහළ කඩුගන්නවේ අනතුරට පත්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් – දින නියමයක් නැතිව කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය වසයි

දින නියමයක් නැතිව පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය තව දුරටත් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

පහළ කඩුගන්නාවේ නාය යාමෙන් අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඊයේ එම ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව පවා නොතකමින් පොලීසිය,යුද හමුදාව,සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල සහ මෙහෙයුමේ නිරත සේවකයින් අඛන්ඩව රාත්‍රිය පුරා සෙවීමේ මෙහෙයුම්වල නිරතව සිටියා.

ගල් කුලක් පෙරළීමෙන් වෙළෙඳසලට යටවී සිට පසුව සොයාගත් සිව් දෙනකු අතරින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ආ අනුව සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව සිටින සංඛ්‍යාව 4 ක්.

එම පසුව සොයාගත් පිරිසෙන් ජීවිතක්ෂයට පත් වූ දෙදෙනා වන්නේ තොට්ලිගොඩ ජයසිංහගේ ලින්ටන් ජානක කුමාර ජයසිංහ නමැති 60 හැවිරිදි අයෙක් සහ
කාසිලිංගම් නිශාන්තනි කරුණාකරන් නමැති ,පහළ කඩුගන්නාව, හිගුල පදිංචිකාරියක්.

අප වාර්තාකරුවන් පැවසුවේ මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් එම ස්ථානය පරීක්ෂාවට ලක් කළ බවයි.

 

 

Share This