පහළ කඩුගන්නාවේ ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත් තරුණයකුගේ අවසන් කටයුතු අද

පහළ කඩුගන්නාවේ ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත් තරුණයකුගේ අවසන් කටයුතු අද

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළෙඳසලක් මතට ගලක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත් වූ තිස් තුන් හැවිරිදි තරුණයකු වූ පුලස්ති බණ්ඩාර මහතා ගේ අවසන් කටයුතු අද (24) ගම්පොළදී සිදුකෙරුණා.

මෙම අවසන් කටයුතු සිදු වුණේ ගම්පොළ පොදු සුසාන භූමියේදීයි.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත ආණ්ඩුකාරවරයා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ද පැමිණ සිටි බවයි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මධ්‍යම පළාත ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා පැවසුවේ මේ ස්ථාන බහුතරයක පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම කළ යුතුම බවයි.

අනවසර ඉදිකිරීම් ඉවත් කළ ද නායයාමේ තර්ජන පවතින බව ද ආණ්ඩුකාරවරයා සඳහන් කළා.

Share This