
පහළ කඩුගන්නාවේ සුන්බුන් අතරින් දිවි ගලවාගත් චන්ද්රිකා ගේ බිහිසුණු කතාව (VIDEO)
පහළ කඩුගන්නාවේ නාය යාමෙන් අනතුරට පත් වෙළෙඳසල තුල සිට විස්මිත ලෙස දිවි ගලවාගත් චන්ද්රිකා නිශාන්ති මහත්මිය එම බිහිසුණු අත් දැකීම පැහැදිළි කළා.
ඇය පවසන්නේ ගසක් පහළට ඇදී එනු දැක පිටතට දිවයාමට උත්සාහ ගත්තද එය කිරීමට පෙර ගොඩනැගිලේ සුබුන් අතර ඇය සිර වූ බවයි.
චන්ද්රිකා මහත්මිය මෙම අනතුරට පත් වෙළෙඳසලේ සේවිකාවක ලෙස කටයුතු කරමින් සිට තිබෙනවා.
පසුව ඇය ඉහළින් පැමිණ සිර වූ කොන්ක්රීට් කොටසකට මැදිවී කුඩා සිදුරකි හුස්ම ගත් බිහිසුණු අත් දැකීම ඇය පැවසුවා.
