පහුගිය මාස 06 ට ලංකාවේ අලුත් ආයෝජන 57 කට BOI අවසර දීලා

පහුගිය මාස 06 ට ලංකාවේ අලුත් ආයෝජන 57 කට BOI අවසර දීලා

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේ වසරේ ගත වූ මාස 06 කාලය තුල ප්‍රගතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය ජනවාරි මස සිට ජූනි මාසය දක්වා කාලය තුල නව ආයෝජන ව්‍යාපෘති 57 ක් අනුමත කර තිබෙනවා.

මේ ආයෝජන වටිනාකම ඩොලර් මිලියන 569ක්.

මේ වන විට ඉන් ඩොලර් මිලියන 507ක් ලංකාවට පැමිණ තිබෙනවා.

මෙය 2024 වසරට වඩා 101% ක වර්ධනයක් බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

ගතවූ මස 6 ක කාලය තුල දේශීය ආයෝජන වටිනාකම ඩොලර් මිලියන 285ක් ලෙසයි දැක් වුණේ.

ආයෝජන මණ්ඩලය යටතේ මේ වනවිට අලුතින් ඉදිවන අපනයන සැකසුම් කලාප 7 ක් බව කර්මාන්ත අමාත්‍යාංශය සදහන් කරනවා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසන්නේ ගත වූ මාස 6 ක කාලය තුල අපනයන ආදායම ඩොලර් මිලියන 3745 ක් බවයි.
මෙම ව්‍යාපෘති මගින් අපේක්ෂිත රැකියා ප්‍රමාණය 14,184 ක් නව ආයෝජන මණ්ඩලය පෙන්වා දෙනවා.

 

Share This