
පළාත් පාලන ඡන්දයේ ගෙවුණු පැය 24ට පැමිණිලි 170ක් – සමස්තය 2,623ක් දක්වා ඉහළට
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ (24) දිනයේ පමණක් පැමිණිලි 170ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ, නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව පැමිණිලි 155ක්, ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 01ක් සහ වෙනත් පැමිණිලි 14ක් ලෙසයි.
ඒ අනුව මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 2,623ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් පැමිණිලි 2,421ක් නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව ලැබී ඇති අතර, ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 13ක් සහ වෙනත් පැමිණිලි 189ක් ද ලැබී තිබේ.
ලැබී ඇති සමස්ත පැමිණිලි 2,623න් 2,100ක් මේ වන විට විසඳා ඇති බවත්, සෙසු පැමිණිලි 523 සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ එම නිවේදනය පහතින්