ප්‍රංශ ජනපති ඊශ්‍රායලයට

ප්‍රංශ ජනපති ඊශ්‍රායලයට

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron ඊශ්‍රායලයේ Ben Gurion ගුවන් තොටුපළට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ අද (24) දිනයේ දී ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu හමුවීම සඳහායි

මෙම සංචාරයේ අරමුණ ඊශ්‍රායලය සමග ප්‍රංශයේ සහයෝගීතාවය පෙන්වීමත්, හමාස් සංවිධානය විසින් තවමත් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සහය වීම මෙන්ම වත්මන් ගැටුම උත්සන්න වීම වැලැක්වීම බවත් ඔහුගේ උපදේශකයින් රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබෙනවා

ජනපති Emmanuel Macron ඔහුගේ සංචාරයේදී ඊශ්‍රායල ජනාධිපති Isaac Herzog සහ විපක්ෂයේ මධ්‍යවාදී නායක Benny Gantz සහ Yair Lapid ද හමුවනු ඇති .

Share This