ප්‍රංශයේ ගුවන් තොටුපළක රඳවා සිටි ගුවන් යානය ඉන්දියාවට පැමිණෙයි

ප්‍රංශයේ ගුවන් තොටුපළක රඳවා සිටි ගුවන් යානය ඉන්දියාවට පැමිණෙයි

මිනිස් ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා කරමින් ප්‍රංශයේ ගුවන් තොටුපළක දින ගණනක් රඳවා සිටි ඉන්දීය ජාතිකයින් සිය ගණනක් රැගත් ගුවන් යානයක් ඉන්දියාවට පැමිණ තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සිට නිකරගුවාව දක්වා පියාසර කරමින් තිබූ එයාර්බස් A340 ගුවන් යානය ඉන්ධන පිරවීම සඳහා ඊසානදිග ප්‍රංශයේ ගුවන් තොටුපොළක නතර කිරීමේදී ඇතිවූ සැකයක් මතයි මෙලෙස රඳවා තබා තිබුණේ

කෙසේවෙතත් දින ගණනාවකට පසු එය මගීන් 276 දෙනෙකු සමග ප්‍රංශයෙන් පිටත්ව ගිය නමුත් සරණාගතභාවය සඳහා ඉල්ලුම් කිරීමෙන් පසු බාලවයස්කරුවන් දෙදෙනෙකු ඇතුළු 25 දෙනෙකු එරට රැඳී සිටි බවයි පැවසෙන්නේ

සැක කටයුතු ජාවාරම්කරුවන් දෙදෙනෙකු ද වැඩිදුර විමර්ශන සඳහා ප්‍රංශයේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

පසුව එරට අධිකරණය මගින් ඔවුන් දෙදෙනා නිදහස් කර ඇති බවද සඳහන් .

Legend Airlines ගුවන් යානය අද (26) අලුයම මුම්බායි වෙත පැමිණි බවයි වාර්තා වන්නේ

ගුවන් යානයේ සිටි බොහෝ දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ඉන්දීය පුරවැසියන් බවට විශ්වාස කෙරෙන අතර මගීන්ගෙන් තුනෙන් එකක් ඉන්දියාවේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ අය බවද පැවසෙනවා

එක්සත් ජනපදයට හෝ කැනඩාවට ඇතුළු වීමට උත්සාහ කිරීමට පෙර යානයේ සිටි පුද්ගලයින් නිකරගුවාවට ගමන් කරන්නට ඇති බවට ප්‍රංශ බලධාරීන් ද සැක පළ කර ඇති බව සඳහන්

ගුවන් යානය නිකරගුවාව වෙත ගමන් ආරම්භ කිරීම වෙනුවට මුම්බායි වෙත ගියේ කුමන කාරණයක් නිසාද යන්න පැහැදිලි නැහැ.

Share This