ප්‍රංශයේ පැරිසිය කුණුවලින් පිරෙයි

ප්‍රංශයේ පැරිසිය කුණුවලින් පිරෙයි

විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයට එරෙහිව ආරම්භ කර ඇති විරෝධතා හේතුවෙන්, ප්‍රංශයේ පැරිස් අගනුවර මාවත්වල කසල එකතු වී ඇති ආකාරයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වැඩ වර්ජන හේතුවෙන් කසල ප්‍රතිචක්‍රියකරණය අඩාල වීම ඊට හේතුවයි.

ලොව ප්‍රසිද්ධ අයිෆල් කුළුණ ආසන්නයේ මෙන්ම තවත් ප්‍රදේශ රැසක මෙලෙස කසල ගොඩගැසී ඇති ආකාරයක් දක්නට ලැබෙනවා.

නගරයේ බොහෝ ප්‍රදේශවල කසළ ලොරිවලට අපද්‍රව්‍ය රැගෙන යාමට නොහැකි වී ඇත්තේ ඒවාට දැමීමට තැනක් නොමැති බැවින් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

වර්ජන හේතුවෙන් ගුවන් ගමන්, දුම්රිය ගමන්වාර ඇතුලු සේවා රැසක් ද අඩාල වී තිබෙනවා.

Share This