ප්‍රංශයේ පිහි ඇනුමෙන් තුවාල ලැබූ දරුවන් සුව අතට(VIDEO)

ප්‍රංශයේ පිහි ඇනුමෙන් තුවාල ලැබූ දරුවන් සුව අතට(VIDEO)

ප්‍රංශයේ ගිනිකොන දෙසින් පිහිටි Annecy ප්‍රදේශයේ උද්‍යානයකදී පිහි ඇනුමකට ලක්වූ කුඩා ළමුන් සිව් දෙනෙකුගේ තත්ත්වය මේ වන විට යහපත් මට්ටමක පවතින බව එරට නිලධාරීන් පවසා තිබෙනවා.

වයස අවුරුදු එකත් තුනත් අතර පසුවන මෙම දරුවන් රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ප්‍රහාරය එල්ල කිරීම සඳහා ළමා උද්‍යානයට ඇතුළු වූ පිහිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා

තුවාල ලැබූවන් අතර තුන් හැවිරිදි බ්‍රිතාන්‍ය දරුවෙකුද සිටින බව සඳහන්.

වැඩිහිටියන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවද විදෙස් මාධ්‍ය පවසනවා

සැකකරු ස්වීඩනයේ සරණාගත තත්ත්වයක සිටි 31 හැවිරිදි සිරියානු ජාතිකයෙකු බව එරට පොලිසිය විසින් තහවුරු කර තිබෙනවා

Share This