ප්‍රංශයේ විරෝධතා ගැන සාකච්ඡා කිරීමට නගරාධිපතිවරුන් 200කට වැඩි පිරිසක් එරට ජනපති හමුවට

ප්‍රංශයේ විරෝධතා ගැන සාකච්ඡා කිරීමට නගරාධිපතිවරුන් 200කට වැඩි පිරිසක් එරට ජනපති හමුවට

ප්‍රංශයේ පවතින විරෝධතාවය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නගරාධිපතිවරුන් 200කට වැඩි සංඛ්‍යාවක් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මුණගැසෙනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

තම නිවස ගිනි ගැනීමෙන් පසු නගරාධිපති Zartoshte Bakhtiari පවසන්නේ ගිනි තැබූ පුද්ගලයින් වීඩියෝ නිරීක්ෂණ කැමරාවකට හසු වූ බවත්, දර්ශනවලින් ඔවුන් වයස අවුරුදු 14-16 අතර වියේ පසුවන යෞවනියන් බව පෙනී ගිය බවත්ය .

සතියකට පෙර ප්‍රංශයේ කැරලි ආරම්භ වූ දා සිට තමා රාත්‍රියේ පැය තුනකට වඩා නිදා නොගත් බවද Neuilly-sur-Marne ප්‍රදේශයේ Zartoshte Bakhtiari නගරාධිපතිවරයා පවසනවා.

නගරයේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිතා කිරීමට ප්‍රාදේශීය නගර පොලිසියට අවසර දෙන ලෙසද ඔහු ඉල්ලීම් කරනවා

පසුගිය සතියේ 17 හැවිරිදි තරුණයෙකුට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු මෙම විරෝධතා මතුව තිබුණා

Share This