ප්‍රංශයේත් අගමැතිට එරෙහි කැරැල්ලක් ඇවිලෙයි (VIDEO)

ප්‍රංශයේත් අගමැතිට එරෙහි කැරැල්ලක් ඇවිලෙයි (VIDEO)

ප්‍රංශයේ පැරිසිය සහ වෙනත් තැන්වල විරෝධතාකරුවන් මාර්ග අවහිර කර, ගිනි තබා දියත් කළ විරෝධතාවන්ට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට පීඩනයක් යෙදීමට උත්සාහ කරමින්, ඔහුගේ නව අගමැතිට විරෝධය පළ කෙරමින් ගිනි තැබීම් කළ බව සදහන්.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා නිවේදනය කළේ රට පුරා පැවැත්වීමට නියමිත විරෝධතා දිනයේ පළමු පැය කිහිපය තුළ අත්අඩංගුවට ගැනීම් 200 කට ආසන්න සංඛ්‍යාවක් කළ බවයි.

“සියල්ල අවහිර කරන්න” යන අන්තර්ජාලය හරහා ආරම්භ වූ විරෝධතා ව්‍යාපාරය මැඩ පැවැත්වීම සදහා අත්අඩංගුවට ගැනීම් සිදු කළ අතර ඒ සදහා පොලිස් නිලධාරීන් 80,000 ක් යෙදවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බටහිර නගරයක් වන රෙන්ස් හි බස් රථයකට ගිනි තබා ඇති බවත්, විදුලි රැහැනකට හානි වීමෙන් නිරිතදිග මාර්ගයේ දුම්රිය අවහිර වූ බවත් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බෲනෝ රිටේලියෝ පැවසුවා.

ඔහු චෝදනා කළේ විරෝධතාකරුවන් “කැරැල්ලක වාතාවරණයක්” ඇති කිරීමට උත්සාහ කරන බවටයි.

Share This