ප්‍රංශයේ පාසැල්වල  සිසුවියන්ට තහනමක්

ප්‍රංශයේ පාසැල්වල සිසුවියන්ට තහනමක්

ප්‍රංශයේ රජය විසින් පවත්වාගෙන යනු ලබන පාසැල්වල මුස්ලිම් කාන්තාවන් විසින් අඳින අබායා ඇඳුම (abaya) සිසුන්ට ඇඳීම තහනම් කරන බව එරට අධ්‍යාපන අමාත්‍යවරයා පවසා තිබෙනවා

සැප්තැම්බර් 4 වැනි දින නව පාසල් වර්ෂය ආරම්භ වූ වහාම එම නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි පැවසෙන්නේ

ප්‍රංශයේ රජයේ පාසැල්වල සහ රජයේ ගොඩනැගිලිවල ආගමික සලකුණු දැඩි ලෙස තහනම් කර ඇති අතර, ඒවා ලෞකික නීති උල්ලංඝනය කරන බවට සඳහන් කරනවා

2004 වසරේ සිට රජයේ පාසල්වල හිස් ආවරණයක් පැළඳීම පවා තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම පියවර ගෙන ඇත්තේ ප්‍රංශ පාසල්වල අබායා පැළඳීම සම්බන්ධයෙන් වූ මාස ගණනාවක විවාදයකින් පසුව බවද විදෙස් මාධ්‍ය පවසනවා

2010 වසරේ දී, ප්‍රංශය විසින් ප්‍රසිද්ධියේ සම්පූර්ණ මුහුණු ආවරණ පැළඳීම තහනම් කරන ලද අතර එය ප්‍රංශයේ මිලියන පහක වූ මුස්ලිම් ප්‍රජාව තුළ කෝපයට පවා හේතුවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

එමෙන්ම 19 වැනි සියවසේ සිට ආගමික සලකුණු පාසැල්වල තිබීම ප්‍රංශය විසින් දැඩි තහනමක් පනවමින් ක්‍රියාත්මක කර තිබෙනවා

Share This