ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්
දින කිහිපයක් පුරා අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතන හේතුවෙන් අද (20) රාත්‍රී 9 සිට ඉදිරි පැය 48 දක්වා කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීම පිළිබඳ වාර්මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා
ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු සහ උරුවල් නිම්නවල පහත් බිම්වල ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයත් ඇති විය හැකි බව සඳහන්.
අදාළ නිවේදනය පහතින්