
ප්‍රදේශවාසීන් බිය වැද්දූ මත්ද්‍රව්‍ය අපරාධකරුවෙක් අත්අඩංගුවට
ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තර්ජනය කර බිය වද්දමින් කප්පම් ගැනීමේ නිරතව සිටි පුද්ගලයෙකු කිරිවත්තුඩුව මිල්ලගහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සිදුකළ වෙඩි තැබීමෙන් අවුරුදු 49 හැවිරිදි කාන්තාවක් තුවාල ලබා කහතුඩුව, වෑතර දිසා රෝහල වෙත ඇතුළත් කර ඇතැයි වාර්තා වුණා.
සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජිව අත්බෝම්බයක් හා මන්නයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ සැකකරු ගිනි අවිය සහ ලයිටරයක් අතැතිව තමා අත්අඩංගුවට ගැනීමට පැමිණෙන පොලීසියට වෙඩි තබන බවට තර්ජනය කරමින් හැසිරුණු බවයි.
මත්ද්‍රවය පානය කිරීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම කප්පම් ගැනීම සිදුකර ඇති බව පොලීසිය පවසනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා මීට පෙර පුද්ගලයන් සිව්දෙනෙකු තියුණු ආයුධවලින් කපා තුවාල කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර දඬුවම් විදි පුද්ගලයකු බවයි.
අවුරුදු 32ක් වන සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.