ප්‍රධාන දුම්රිය මාර්ගයේ කාර්යාල දුම්රිය අද සිට මහව දක්වා ධාවනය ඇරඹේ

ප්‍රධාන දුම්රිය මාර්ගයේ කාර්යාල දුම්රිය අද සිට මහව දක්වා ධාවනය ඇරඹේ

අඹේපුස්ස – අලව්ව දුම්රිය ස්ථාන අතර බුජ්ජොමුව දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ගයේ ඇති පැරණි ගඩොලින් කරන ලද ආරුක්කු බෝක්කුව මා ඔයේ අධික ගංවතුර හේතුවෙන් පසුගිය දා කැඩී යාමට ලක්වීම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ඇණහිට තිබුණා.

දුම්රිය මාර්ගය යටින් අඩි 45 ක පමණ කුහරයක් සෑදීම නිසා උතුරු – නැගෙනහිර දුම්රිය ධාවනය ඇන හිටියා.

දුම්රිය දෙපාර්තමේන්තුව ස්වේච්ඡා කණ්ඩායම් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් එම ආපදාවෙන් හානියට පත් දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (09) අවසන් කර තිබෙනවා.

ඒ අනුව පර්යේෂණ දුම්රියක් ද ප්‍රතිසංස්කරණය කරන ලද කොටසින් සාර්ථකව ධාවනය කළා.

දුම්රිය ඩ්ජෙපාර්තමේන්තුව පැවසුවේ අද සිට එම මාර්ගයේ දුම් රිය ධාවන කටයුතු සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව කුරුණෑගල,ගනේවත්ත සහ මහව දක්වා කර්යාල දුම්රිය පහත පරිදි ධාවනයට සැලසුම් කර තිබෙනවා.

 

 

 

Share This